නිදහස් පාක්ෂිකයන්ගේ වගකීම ගැන ජාතික සංවිධායක දුමින්ද පහදයි

Monday, 21 October 2019 - 7:38

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලද සියළු ඡන්ද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දිනවීම සඳහා යොදා ගැනීමේ වගකීමක් සියළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මිහින්තලයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පත් කර තිබෙනවා.

එම සන්ධානයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේදී ඔහු එම තනතුරට පත් කර ඇති බවටයි වාර්තා වන්නේ. මීට පෙර එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයායි.