චීලී රාජ්‍යයේ ප්‍රධාන නගරවලට ඇඳිරි නීතිය

Monday, 21 October 2019 - 13:14

%E0%B6%A0%E0%B7%93%E0%B6%BD%E0%B7%93+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ජීවන වියදම ඉහළ යාම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන චිලි රාජ්‍යයේ සැන්තියාගෝ අගනුවර කේන්ද්‍ර කරගනිමින් පවත්වන විරෝධතා අතරතුර පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රධාන නගරවලට මේ වනවිට ඇඳිරි නීතිය පනවා ඇති අතර, විරෝධතා මැඩපැවැත්වීම සඳහා යුද හමුදාව සහ පොලීසිය ජල සහ කඳුළුගෑස් ප්‍රහාරද එල්ල කළා. අගනුවරට පනවා තිබූ හදිසි නීතිය රට පුරා ක්‍රියාත්මක කිරීමට චිලී රජය පියවර ගෙන තිබෙනවා.

විරෝධතාකරුවන් විසින් ඇඟළුම් කර්මාන්තශාලාවලට ගිනි තැබීමෙන් අදාළ මරණ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.