අදත් ප්‍රදේශ රැසකට වැසි

Tuesday, 22 October 2019 - 7:17

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලට මෙම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව උතුරු පළාතට පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇති විය හැකියි.

මේ අතර, තම්බෝව, රාජාංගණය, දැදුරුඔය, අංගමුව සහ කුකුළේ ගඟ යන ජලාශවල තවදුරටත් වාන් දොරටු විවෘතව පවතිනවා.

එමෙන්ම, කළුතර, කෑගල්ල, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.