මඩකලපු මාර්ගයේ දුම්රිය ධාවනය මහවට පමණයි

Wednesday, 23 October 2019 - 7:25

%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මහව දක්වා සීමා කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට පීලිපැනීමට ලක්වූ දුම්රිය මැදිරි හයෙන් තුනක් පීලිගත කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම සහ අනෙකුත් මැදිරි තුන පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින අතර, හැකි ඉක්මණින් යළි එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

පෙරේදා රාත්‍රියේ කොළඹ කොටුවේ සිට ධාවනය වූ මීනගයා දුම්රිය පීළි පැනීමට ලක්වූයේ අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.

මේ නිසා ඊයේ රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ද අවලංගු කෙරුණා.