විරෝධතා හමුවේ චිලී ජනපතිගෙන් සහන පැකේජයක්

Wednesday, 23 October 2019 - 13:20

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%A0%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B7%9A%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
චිලී රාජ්‍යයේ දියත් කෙරෙන විරෝධතාවන්ට පිළියමක් ලෙස සහන පැකේජයක් හදුන්වාදීමට එරට ජනාධිපති සෙබස්තියන් පිනේරා පියවර ගෙන තිබෙනවා.

එමගින්, විශ්‍රාම වැටුප සියයට 20 කින් ඉහළ දැමීමට සහ මිල අධික ප්‍රතිකාර සදහා වන වියදම රජයෙන් දැරීමට යෝජනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජීවන වියදම ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතා දියත් වන අතර, පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් වලදී පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.