විදුලිබල මණ්ඩලයේ අධිකාරීවරුන් සංකේත වර්ජනයක

Friday, 08 November 2019 - 8:18

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
විදුලිබල මණ්ඩලයේ යාන්ත්‍රික, සිවිල් සහ විදුලි අධිකාරීවරුන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, පසුගිය 4 වන දා වව්නියාව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය භාර විදුලි අධිකාරීවරයා ඇතුළු සේවක මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට රාජකාරී කටයුතුවලදී බාධා කරමින් කිසියම් පිරිසක් පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් කිසිවෙකු අත්අඩංගුවට නොගැනීම නිසා අද දිනය තුළ මෙම වර්ජනය සිදුකරන බවයි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ. නිශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.