වන අලි ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Friday, 08 November 2019 - 9:12

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ප්‍රදේශ දෙකකදී සිදු වූ වන අලි පහරදීම්වලින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අම්පාර - මංගලගම - කොහොඹගස්තලාව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් 59 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී 10ට පමණ මොහු සිය නිවස වෙත යමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක් වී ඇති බවයි.

එමෙන්ම, ගල්කිරියාගම - ආඬියාගල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 11ට පමණ වන අලියෙකු සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ඊයේ මිය ගියා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 62 හැවිරිදි ආඬියාගල - කහල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.