මැණික් ගලක් වංචා කළ පුද්ගලයෙකු බේරුවල දී අත්අඩංගුවට

Friday, 08 November 2019 - 11:22

%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් ලක්ෂ 6ක පමණ වටිනාකමකින් යුත් මැණික් ගලක් වංචා කළ බේරුවල - හලවකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මැණික් ගල ව්‍යාපාරිකයෙකු විසින් කපා ඔප දමන ලෙස මස්සල ප්‍රදේශයේ පදිංචි සැකකරුට ලබාදී ඇති බව සඳහන්. දින දෙකකට පසු මැණික් ගල නැති වූ බව එම පුද්ගලයා ප්‍රකාශ කිරීම නිසා ව්‍යාපාරිකයා විසින් ඒ පිළිබදව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව විමර්ශන සිදුකළ පොලීසිය සැකකරුගේ නිවසේ තිබී ව්‍යාපාරිකයා ලබාදුන් මැණික් ගල සොයා ගනු ලැබුවා. එහිදී අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශ කර ඇත්තේ අදාළ මැණික් ගලෙහි වටිනාකම දැන ගැනීමෙන් පසු එය විකුණා අයිතිකරුට සුළු මුදලක් ලබාදීමට තමා සැලසුම් කළ බවයි.

සැකකරු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.