පරණ ඇඳුම් අලුත් කර විකුණූ ජාවාරමක් පිටකොටුවෙන් සොයා ගැනේ

Friday, 08 November 2019 - 14:34

%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%96+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
පාවිච්චි කරන ලද ඇඳුම් සෝදා පිරිසිදු කර අලුත් ඇදුම් ලෙස ප්‍රකාශ කර අලෙවි කිරීම සඳහා ඇසුරුම් කරමින් තිබූ ස්ථානයක් පිටකොටුව - මල්වත්ත පාරේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් වටලා තිබෙනවා.

එම අධිකාරියේ බස්නාහිර බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත අදාළ ස්ථානය වැටලූ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ සඳහන් කළේ.

වෙළදපොළට නිකුත් කිරීම සඳහා ලේබල් කර ඇසුරුම් කරමින් තිබූ එම එක ඇඳුමක් රුපියල් 100ක තොග මිලකට අලෙවි කෙරෙන අතර වෙළදපොළේදී එම ඇඳුමක් රුපියල් 150ක මුදලකට අලෙවි කරන බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එළඹෙන උත්සව සමයේදී මෙවැනි වංචනික ක්‍රියා බහුලව සිදුවිය හැකි බැවින් ඒ පිළිබද තොරතුරු 1977 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ.