නීතිවිරෝධී දැල් යොදා මසුන් මැරූ 13 දෙනෙකු නාවික හමුදා භාරයට

Friday, 08 November 2019 - 14:38

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
තහනම් දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු ත්‍රිකුණාමලය - නෝර්වේ දූපත ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එහිදී නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රා දෙකක්, පිටත දහන යන්ත්‍ර දෙකක්, තහනම් දැල් දෙකක් ඇතුළු ධීවර ආම්පන්න තොගයක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

සැකකරුවන් කින්නියා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂවරයාට භාරදීමට කටයුතු කර තිබෙනවා