බෙංගාල බොක්ක මුහුදේ තවදුරටත් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස දැනුම්දීමක්

Friday, 08 November 2019 - 15:11

%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බුල් බුල් චණ්ඩ සුළි කුණාටුව මේ වනවිට ඉතා චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බැවින් ලබන 11 වැනිදා දක්වා තවදුරටත් එම මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අදාළ චණ්ඩ සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය වෙමින් ඉන්දියාවේ බටහිර බෙංගාල සහ බංග්ලාදේශ වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිරන්තර වැසි සමඟ පැයට කිලෝමීටර් 80 ත්, 100 ත් පමණ වන සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එසේම, එම සුළං විටින් විට පැයට කිලෝමීටර 120 ත්, 130 ත් දක්වා ඉතා තද සුළං මට්ටමට ඉහළ යා හැකි බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.