රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Friday, 08 November 2019 - 16:05

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා නොවැම්බර් 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු 17 දෙනායි.

රත්ගම - රත්න උදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි අසේල මංජුල කුමාර සහ රසිත් චින්තක යන දෙදෙනා පසුගිය ජනවාරි 23 වනදා පැහැර ගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමූ බවටයි සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.