ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි කියයි

Sunday, 10 November 2019 - 19:08

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූල ලෙස ඉවත් කරගෙන ඇති බවත්, ඔහු තවදුරටත් ඇමරිකානු පුරවැසියෙකු ලෙසට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් ඔහුගේ නීතිඥවරුන් පවසනවා.

කොළඹ අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනුයි ඔවුන් මේ බව අවධාරණය කළේ.

එම මාධ්‍ය හමුවට එක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ සිය සේවාදායකයාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ සියළු ලිපි ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට භාර දී ඇති අතර ඒවා එම කොමිසම පිළිගෙන ඇති බවයි.