ගෝඨාභයට සහය දක්වන්න, අදත් විදේශ රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Sunday, 10 November 2019 - 22:46

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධීපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම වෙනුවෙන් අදත් විදේශ රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණියා.

ඔවුන් පෙන්වා දෙන්නේ, රට මුහුණ දී තිබෙන තත්ත්වයෙන් බේරාගැනීම සඳහා තමන් මෙම තීරණය ගත් බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා ස්පාඤ්ඤයේ සිට කණ්ඩායමක් QR 664 දරන ගුවන් යානයෙන් අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඉතාලියේ, මිලාන් නගරයේ සිටද තවත් පිරිසක් දිවයිනට අද පස්වරුවේ පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින්.

ඔවුන් පිළිගැනිම සඳහා මීට පෙර ගෝඨාභයට සහය දැක්වීමට මෙරටට පැමිණි පිරිසක් පැමිණ සිටියා.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මව්බිමට පැමිණි දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයින් පිළිගැනීමේ හමුවක් තලවතුගොඩදී පැවැත්වුණා.

දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින් පවත්වනු ලැබූ මෙම සුහද හමුවට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද එක්ව සිටියා.

ඊට අමතරව, ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීම සඳහා ඇමරිකාව, නවසීලන්තය, ඩුබායි, කුවේට්, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ස්විස්ටර්ලන්තය, ජපානය ඇතුළු රටවල් රැසක සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

මේ අතර, විදේශ ගත ශ්‍රී ලාංකික සංසදයද අද කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවා.