සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ අවධානමක්

Monday, 11 November 2019 - 6:22

%E0%B7%83%E0%B7%80%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අද දිනයේ සවස 01.00න් පසු ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණ, බස්නාහිර පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශයේ උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

විශේෂයෙන් සබරගමු, මධ්‍යම සහ ඌව පළාත්වල ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 - 100ක් අතර වර්ෂාවක් සහ වයඹ පළාත් සහ අනුරාධපුර, කොළඹ, ගම්පහ, වවුනියාව යන දිස්ත්‍රික්ක වල තද වර්ෂාවක් ඇති විය හැක.