ජනාධිපති ආරක්ෂක අංශයේ ගොඩනැගිල්ලක ගින්නකින් වාහන 48 ක් විනාශයි

Monday, 11 November 2019 - 7:44

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+48+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
කොළඹ - කොටුව මුදලිගේ මාවතේ පිහිටි ජනාධිපති ආරක්ෂක අංශයේ නේවාසික ගොඩනැගිල්ලේ බිම් මහලේ හටගත් ගින්නකින් එහි නවතා තිබූ ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි 47 ක් විනාශ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ රාත්‍රි 10 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. පොලිසිය සහ කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.

මහල් හතරකින් යුත් අදාළ ගොඩනැගිල්ලේ බිම් මහලේ හටගත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.