පුරවැසිභාවය පිළිබඳ ගැටළුවක් නැහැ - ගෝඨාභය

Monday, 11 November 2019 - 7:54

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA
ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වන සියළු ගැටළු මේ වන විට විසඳාගෙන අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර - නොච්චියාගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එමෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ මන්නාරම රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් අතර සාකච්ජාවක් මන්නාරම රදගුරු නිවසේදී ඊයේ පැවැත්වුණා.

මන්නාරම ප්‍රදේශයේ පැවැත්වූ ජන හමුවලට සහභාගි වීමට පැමිණි විපක්ෂ නායකවරයා ජනාධිපතිවරණයේ වත්මන් තත්වය සහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මන්නාරම රදගුරුවරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.