ආණ්ඩුකාරවරු ජනපති හමුවෙයි

Monday, 11 November 2019 - 8:03

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සියලු පළාත්වල ආණ්ඩුකාරවරුන් ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුව පැයකට ආසන්න කාලයක් පැවති බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයා සිය ධුරයෙන් විශ්‍රාම යාමට පෙර ආණ්ඩුකාවරුන් සමඟ පැවති අවසන් හමුව මෙය වන අතර, මෙහිදී රාජකාරි කටයුතු සිදුකිරීමට ආණ්ඩුකාරවරුන් ලබාදුන් සහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කර තිබෙනවා.

එමෙන්ම ආණ්ඩුකාරවරුන්ට දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුම්දී ඇති බවද වාර්තාවනවා. ආණ්ඩුකාරවරුන් වෙත ලිපියක් මගින් අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඇතැම් ආණ්ඩුකාරවරු ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතුවල නිරතවන බවට ලද පැමිණීලි හා තොරතුරු සැළකිල්ලට ගෙන මෙම දැනුම්දීම සිදුකර ඇති බවද වාර්තාවනවා.