බුල් බුල් බංග්ලාදේශයේ 13 දෙනෙකු බිලිගනී

Monday, 11 November 2019 - 8:06

%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බංග්ලාදේශ සහ ඉන්දීය වෙරළ ප්‍රදේශවලට බලපෑ බුල්බුල් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගස් කඩාවැටීම හේතුවෙන් පුද්ගල මරණ 6 ක් සිදුව ඇති අතර, ඉන්දියාවේ බටහිර බෙංගාලයේ පුද්ගල මරණ 7 ක් වාර්තාවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පැයට කිලෝමීටර 120 ක වේගයකින් හමා ආ බුල් බුල් සුළි කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් මිලියන 2 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.