සෙල්ල කතරගම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනේ

Monday, 11 November 2019 - 8:12

%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
කතරගම - සෙල්ලකතරගම, බෝගහ හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට හේතුව පවුල් ආරවුලක් බව අනාවරණ වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ ඇතිවූ මෙම සිද්ධියෙන් තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයා හම්බන්තොට රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බැවින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.