“මුතු කුමාරි” කාර්මික දෝෂයකට ලක්වෙයි

Monday, 11 November 2019 - 8:56

%E2%80%9C%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E2%80%9D+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හලාවත සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබූ මුතු කුමාරි මන්දගාමී දුම්රිය, මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.

කෙසේ වෙතත් එම දුම්රිය වෙනත් එන්ජිමක් යොදවා කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ගෙනවිත් ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අදාළ දුම්රිය අවලංගු කර වෙනත් දුම්රියක් ධාවනයට කටයුතු යොදා ඇති බවද එම ප්‍රකාශකයා කියා සිටියා.