රෝහල් ගත කළ සිසුන්ගෙන් හෙළි වූ, ඌව වෙල්ලස්ස සරසවියේ නවකවද සිද්ධියට, 10ක් අත්අඩංගුවට

Monday, 11 November 2019 - 18:56

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%96%2C+%E0%B6%8C%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%9A%E0%B7%80%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%2C+10%E0%B6%9A%E0%B7%8A++%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තෙවන වසරේ සිසුන් දස දෙනෙකු මෙලෙස අද අත්අඩංගුවට ගත් බවයි.

නේවාසිකාගාරවල සිටි දෙවන වසරේ සරසවි සිසුන් මාස 5ක පමණ කාලයක සිට මෙලෙස නවකවදයට ලක් කර ඇති අතර, එහිදී සිසු සිසුවියන් කිහිප දෙනෙකු රෝහල් ගත වී ඇත්තේ ද නවකවදයට ගොදුරුවීම හේතුවෙන්.

නවකවදය ඉවසා ගත නොහැකි වූ සිසුන් 4 දෙනෙකු සිදුකරන ලද පැමිණිලිවලට අනුවයි ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ නවකවදය නිසා සිසුන් පිරිසක් මේ වන විටත් විශ්වවිද්‍යාලය හැර ගොස් ඇති බවයි.