තම බිරිඳ ඝාතනය කිරීමට කොන්ත්‍රාත් ලබාදුන් සැමියෙකු අත්අඩංගුවට

Tuesday, 12 November 2019 - 16:38

%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කිලිනොච්චිය - අක්කරායන් ස්කන්ධපුරම් ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ කාන්තාවකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි එක්දරු මවක්.

පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියා විසින් ඔහුගේ ඥාතියෙකුට මුදල් ලබාදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

කාන්තාව ඝාතනය වන අවස්ථාවේ ඇයගේ දස මස් වියැති බිළිදාද ඇය අසළ සිට ඇති නමුත් එම බිලිඳාට කිසිදු හානියක් සිදුවී නැහැ.

සැකකාර සැමියා සහ ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.