ඉන්දුනීසියාවේ රිච්ටර් මාපාංක 7.1ක ප්‍රබල භූ කම්පනයක්

Friday, 15 November 2019 - 6:46

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%82%E0%B6%9A+7.1%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දුනීසියාවේ මොලුක්කා දිවයින්වලට ඔබ්බෙන් ඊයේ රාත්‍රියේ ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.

රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනයත් සමඟ ඉන්දුනිසියාව අවට ප්‍රදේශවලට සුනාමි අවදානමක් නිකුත් කරනු ලැබුවද පසුව එය ඉවත් කරගනු ලැබුවා.

ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබී නැතත් භූ කම්පනයත් සමඟ කළබලයට පත් ජනතාව උස් ස්ථාන වෙත ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අතුරු කම්පන විස්සකට වැඩි සංඛ්‍යාවක්ද වාර්තාවූ අතර, සුනාමි අවදානම ඉවත් කරගැනුනේ පැය දෙකකට පසුවයි.

භූ කම්පනයෙන් සුලවේසි දිවයිනේ ගොඩනැගිලිද සෙළවී ඇති අතර, ප්‍රදේශ රැසක විදුලිය ඇණහිට තිබෙනවා.