කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Saturday, 16 November 2019 - 15:39

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙනවා.

එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඉහත ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ක පමණ තරමක තද වර්ෂාතනයක් ද ඇතිවිය හැකියි.

මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි.

එම නිවේදනය පහතින්.