ජනපතිගෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්

Saturday, 16 November 2019 - 18:13

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙවර ජනාධිපතිවරණය මෙතරම් සාමකාමීව පැවැත්වීමට හැකියාව ලැබුනේ තමා නිර්පාක්ෂික වීම හේතුවෙන් බවට විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිතිවරයා සඳහන් කළේ තම ධුර කාලය තුල යුගයට අවශ්‍ය විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවූ බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

ඔහු කියාසිටියේ එහිදී මියගිය ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය ජනතාව ගෞරවයෙන් සිහිපත් කරන බවයි.

එම සිද්ධීය පැහැදිළි ලෙසම වළක්වා ගැනීමට හැකියාව තිබු සිදුවීමක් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා.

2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශයෙන් ජනතාවට දුන් ප්‍රතිඥා තුළ බොහෝ දේ ඉටු කිරීමට හැකියාව ලැබුනු  තම රජයේම පාර්ශවයන් සහ තමා අතර තිබු ප්‍රතිපත්තිමය ගැටුම් මෙන්ම දේශපාලන ගැටුම් හේතුවෙන් ආණ්ඩුව තුල බරපතළ අර්බුධ ඇතිවු බව ජනාධිපතිවරයා කියසිටියා.