ජනපති, අගමැති, විපක්ෂ නායක සහ ජනපති අපේක්ෂකයින් ඡන්දය ප්‍රකාශ කරයි

Saturday, 16 November 2019 - 19:38

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජනාධිපති අපේක්ෂකයන් මෙන්ම දේශපාලන නායකයන් රැසක් අද තමන්ට නියමිත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ඡන්දය ප්‍රකාශ කළේ පොලොන්නරුව, නව නගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේදීයි.

විද්‍යාලෝක විහාරය වෙත පෙරවරුවේ පැමිණි ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සිය ඡන්දය ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පෙරවරුවේ සිය ජන්දය භාවිතා කරනු ලැබුවේ නුගේගොඩ විවේකාරාම විහාරස්ථානයේ පිහිටුවා තිබූ ජන්ද මධ්‍යස්ථානයේදීයි.

ඉන් අනතුරුව ඔහු වීරකැටිය මැදමුලනේ පිහිටි සිය පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවටද පුෂ්පෝපහාර දැක්වු අතර, එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියා.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, සිය ජන්දය භාවිතා කරනු ලැබුවේ මැදමුලනේ ඩී.ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයේදීයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ඡන්දය භාවිත කළා.

එමෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජන්දය ප්‍රකාශ කරනු ලැබුවේ වීරවිල අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේදීයි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පංචිකාවත්ත - අබේසිංහාරාම විහාරස්ථානයේ පිහිටි සයි කෝ ජි පෙර පාසලේදී ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.