තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ

Saturday, 16 November 2019 - 19:45

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වී පස්වරු 5ට අවසන් වුණා.

ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක පැවති ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක්.

ඡන්ද විමසීම නිමවීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම මේ වන විට සිදුවන අතර තැපැල් ජන්ද ගණනය කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 371කදී මේ වනවිට ආරම්භ කර ඇති බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් කියා සිටියේ.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණනය කිරීම සිදුකෙරෙන්නේ දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන 1150ක් තුළයි.

සාමාන්‍ය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1179ක් සහ තැපැල් ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන 371ක් ලෙස එය සමන්විතයි.

වැඩිම ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති අතර එම සංඛ්‍යාව 169ක්.

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලද සැණින් ප්‍රකාශයට පත් කිරීම සඳහා හිරු විශේෂ ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය සූදානමින් සිටිනවා.

විශ්ලේෂණයක්ද සහිතව ප්‍රතිඵල ඔබ වෙත ගෙන ඒමටයි හිරු ප්‍රවෘත්ති අංශය කටයුතු සූදානම් කර ඇත්තේ.