අගමැති මැතිවරණ කොමිසමට

Saturday, 16 November 2019 - 20:11

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වීමට හැකි වූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මැතිවරණ කොමිසම වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී සාකච්ඡාවක නිරත වුණා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පිහිටුවා ඇති මැතිවරණ මෙහෙයුම් මැදිරිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා.