ඇමතිවරුන් කිහිපදෙනෙකු ඉල්ලා අස්වෙයි

Sunday, 17 November 2019 - 13:31

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ පරාජයත් සමග මුදල් අමාත්‍ය මංගල සමරවීර ද සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එමෙන්ම, ඩිජිටල්, යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

ක්‍රීඩා සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද තම අමාත්‍ය ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් වන බව ඊට පෙර ප්‍රකාශ කළා.