හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දෙයි

Monday, 18 November 2019 - 11:19

%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ අද රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී එම ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේයි.

පළමුව ජයශ්‍රී මහ බෝ සමිදුන් වහන්සේ වැඳ පුදාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන් අනතුරුවයි රුවන්වැලි මහ සෑ රදුන් අභියසට පැමිණියේ.

එහිදී මහා සංඝ රත්නය මෙන්ම සර්ව ආගමික නායකයන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආශිර්වාද කරනු ලැබුවා.

නව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ධුරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න නිවේදනය කළා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ අග්‍ර විනිශ්චයකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියා.



rnrnrn rnrnrn rn