රිය අනතුරකින් පසු ඇති වූ ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Monday, 18 November 2019 - 14:15

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ගිරිඋල්ල - කටුගම්පල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පසුව ඇති වූ ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ලොරි රථයක් නවතා එහි රියදුරු අසුනේ fදාර විවෘත කිරීමේදී පිටුපසින් පැමිණි යතුරුපැදිය එහි ගැටී ඇති බවයි.

පසුව යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා ලොරි රථයේ රියදුරා වන පොලිස් කොස්තාපල්වරයා සහ සහයකයා සමඟ බහින්බස්වීමක් සිදුව තිබෙනවා.

අනතුරුව ඔවුන් දෙදෙනා යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින්ට පහරදී ඇති අතර, සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් ඇතුළත් කෙරුණේ දඹදෙණිය රෝහලටයි.

එහිදී යතුරුපැදියේ ගමන් කළ 19 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත්වුණා.