සිඩ්නි නුවර දුමාරයකින් වැසේ

Tuesday, 19 November 2019 - 9:01

%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැතිරුණු ලැව් ගිනි හේතුවෙන් ප්‍රාන්ත අගනුවර වන සිඞ්නි නුවර මේ වන විට තද දුමාරයකින් වැසී ගොස් තිබෙනවා.

නගරයට උතුරෙන් වූ ප්‍රදේශවල ලැව් ගිනි සුළඟත් සමඟ තවදුරටත් පැතිරෙමින් පවතින අතර, සිඞ්නි නුවර වායුගෝලයේ තත්ත්වය සෞඛ්‍යයට අනතුරුදායක බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.

මිලියන 5ක් ජනතාව වෙසෙන සිඞ්නි නුවරවාසීන් සිය නිවෙස් ඝන දුමාරයෙන් වැසී ඇති අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.

පසුගිය ඔක්තෝම්බරයේ පටන් පවතින ලැව් ගිනි හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, සිඞ්නි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ඉක්මවා තිබෙනවා.