ඊශ්‍රායලයේ පලස්තීන ප්‍රදේශවල යුදෙව් ජනාවාස ඇමරිකාව පිළිගනී

Tuesday, 19 November 2019 - 9:02

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
දශක 4ක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියක් වෙනස් කරමින් ඊශ්‍රායලයේ පලස්තීන බටහිර ඉවුරේ පිහිටි යුදෙව් ජනාවාස පිළිගැනීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.

 1967 අරාබි - ඊශ්‍රායල යුද්ධයේදී අත්පත් කර ගත් පලස්තීන බටහිර ඉවුරේ පිහිටුවා ඇති යුදෙව් ජනාවාස ජාත්‍යන්තර නීතියට පටහැනි බවයි ඇමරිකාවේ මෙතෙක් ප්‍රතිපත්තිය වූයේ.

එහෙත් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නිවේදනය කළ පරිදි එමගින් ජාත්‍යන්තර නීතිය උල්ලංගණය නොවන බවයි.

කෙසේ නමුත්, ඇමරිකාවේ මෙම නව ප්‍රතිපත්තිය ඊශ්‍රායල - පලස්තීන සාම එකඟතාවක් තවදුරටත් දුරස්ථ සිහිනයක් කරනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.