පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරිෆ් ප්‍රතිකාර සඳහා එංගලන්තයට

Tuesday, 19 November 2019 - 14:07

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B6%BB%E0%B7%92%E0%B7%86%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ් අධිකරණයේ අවසරය හිමි වීමත් සමඟ ගුවන් ගිලන් රථයකින් ලන්ඩනය බලා රැගෙන ගොස් තිබෙනවා.

ඔහුට සති 4ක කාලයක් විදෙස් ගතවීමටයි අධිකරණයේ අවසරය හිමි වූයේ.

69 හැවිරිදි නවාස් ශරීෆ් මේ වනවිට රෝගාබාධ කිහිපයකට ලක්ව සිටින බව සඳහන්.

දූෂණ චෝදනා මත සිර දඬුවම් විදින හිටපු අගමැතිවරයා රටින් නික්මෙන්නේ නම්, කෝටි 700ක ඇපකරයක් අත්සන් කළ යුතු බවට ඉම්රාන් ඛාන් රජය ඉදිරිපත් කළ යෝජනාව පාකිස්තාන අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළා.