අගමැති සහ ජනපති අතර සාකච්ඡාවක්

Tuesday, 19 November 2019 - 17:12

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද දහවල් සිදුව තිබෙනවා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.

මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත සිදුවූවක් බවයි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි කියා සිටියේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැදවා මේ සතියේදී තීරණයක් ගන්නා බව කථානායක කරු ජයසූරිය පවසනවා.

කථානායක කාර්යාලය සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම සෙසු පක්ෂ නායකයින්ද කතානායකවරයා සමඟ සාකච්ජා කර ඇති බවයි.

එහිදී බොහෝ දෙනෙකු රටේ පාලනය පිළිබඳව පැහැදිලි ජන මතයක් ප්‍රකාශ වී ඇති බැවින් ඒ අනුව ක්‍රියාකළ යුතු බව සඳහන් කර තිබෙනවා.