දකුණු කොරියාවෙන් හමුදාව ඉවත් කරගැනීමට ට්‍රම්ප් සැරසේ

Thursday, 21 November 2019 - 12:45

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
දකුණු කොරියාවේ සෝල් අගනුවර ස්ථාන ගතකර ඇති ඇමරිකානු හමුදා භටයින් ඉවත් කර ගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් වනවා.

මේ සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයන් අතර පෙරේදා දිනයේ සාකච්ජාවක් පැවති අතර එහිදී ඇමරිකාව ප්‍රකාශ කර ඇත්තේ තම භට පිරිස් තවදුරටත් දකුණු කොරියාවේ රැදී සිටීමට නම් ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇති මුදල ඩොලර් බිලයන 5 දක්වා පස්ගුණයකින් වැඩි කරන ලෙසටයි.

එහෙත් එම ඉල්ලීමට දකුණු කොරියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

කෙසේ වෙතත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ දකුණු කොරියාව සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරි දින කිහිපයේදී සිය භට පිරිස් සෝල් අගනුවරින් ඉවත් කර ගන්නා බවයි.