ලෝක බලවතා කාටවත් නොදන්වා කිසිවෙකු නොසිතූ මොහොතක ගිය තැන

Friday, 29 November 2019 - 8:43

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1
ඇමරිකානුවන් තුති පුද කිරීමේ නිවාඩු සමයේ ආරම්භය සමරද්දී, ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් ඊයේ හදිසියේම ඇෆ්ගසින්ථානයේ සංචාරයක් සඳහා පැමිණියා.

කලින් ප්‍රකාශයට පත් නොකර ඇෆ්ගනිස්ථානයේ බග්‍රම් ගුවන් කඳවුර වෙත පැමිණි ජනපති ට්‍රම්ප් එහි සිටින ඇමරිකානු හමුදා සමඟ තුති පිදීමේ සැමරුම් වලට එක්වුණා.

2001 වසරේ සැප්තැම්බර් 11 වන දා ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ ඇමරිකානු හමුදා සාමාජිකයන් 13,000ක් තවදුරටත් එහි රැඳී සිටිනවා.

ඇෆ්ගනිස්ථානය, තලෙයිබාන් පාලනය පෙරළා දැමුවේ ඔවුන් විසින්.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඇෆ්ගනිස්ථාන සංචාරය සිදුවූයේ තලෙයිබාන් සංවිධානය විසින් 2016 වසරේ සිට රදවාගෙන සිටි බටහිර ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු මුදා හැරීමත් සමඟයි.

ඒ සඳහා ඇමරිකාව ජ්‍යෙෂ්ඨ තලෙයිබාන් රැඳවියන් තුන් දෙනෙකු මුදා හරිනු ලැබුවා.

සිය සංචාරයේදී ඇෆ්ගන් ජනාධිපති අෆ්රෆ් ඝානි මුණ ගැසුණු ජනපති ට්‍රම්ප් තලෙයිබාන් නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.