ලොව පුරා බිඳ වැටීමට ලක්වූ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල දැන් යථා තත්ත්වයට පත් කර ඇති බව ෆේස්බුක් සමාගම නිවේදනය කළා.
ඇමරිකා එක්සත් ජනපදයේ සිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දක්වා රටවල් රැසක මෙම ජනප්‍රිය සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති වූයේ ඊයේ සන්ධ්යාවේදියි.
එය බටහිර රටවල ක්‍රිස්තියානි දින දසුනේ වැදගත් දිනයක් වූ තුති පුද කිරීමේ නිවාඩු සමය ආරම්භයේදී සිදුවීම විශේෂත්වයක්.
කෙසේ නමුත් මේ වන විට එම සමාජ මාධ්‍ය ජාල සියයට සියයක ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන බවයි ෆේස්බුක් ප්‍රකාශයෙකු සඳහන් කළේ.
ෆේස්බුක් මධ්‍යම මෘදුකාංග පද්ධතියේ දෝෂයක් ගැටළුවට හේතුව ලෙස හඳුනාගෙන තිබෙනවා.