මෙම වසරේ තුන්වන පාසල් වාරය අදින් අවසන් - සාමාන්‍ය පෙළ 02 වැනිදා සිට

Friday, 29 November 2019 - 8:11

%E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+02+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තුන්වන පාසල් වාරය අදින් අවසන් වනවා.

ඒ අනුව ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 2 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

අප්‍රේල් මස 6 වනදා 2020 වසරේ පළමු පාසල් වාරය අවසන් කිරීමට සැළසුම් කර තිබෙනවා.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගයද දෙසැම්බර් මස 02 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා අයදුම්කරුවන් හත්ලක්ෂ 17,008 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග මධ්‍යස්ථාන 4,987 කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.