හදිසි ආපදා තත්ත්වය ගැන ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

Monday, 02 December 2019 - 12:25

%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1++%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
අයහපත් කාලගුණයත් සමඟ ඇතිව තිබෙන ආපදා තත්ත්වයේදී ජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා ගතයුතු සියලූ ක්‍රියාමාර්ග නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලූ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් අදාළ අමාත්‍යාංශවල නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඒ පිළිබඳ උපදෙස් මේ වනවිටත් ලබා දී ඇති බවයි.

මෙම සියළු කාර්යයන් සම්බන්ධිකරණය හා සමාලෝචනය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇති.