පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක්

Monday, 02 December 2019 - 12:52

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නිල සංචාරයක් සඳහා දිවයින පැමිණ සිටින පාකිස්ථාන විදේශ අමාත්‍ය මහමුද් කුරේෂි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ හමුවුණා.

ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද හමුවී ද්විපාර්ශවීය සාකච්ජාවල නිරත වීමට ද නියමිතයි.

කටුනායක ගුවන් තොටුපල විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු කියා සිටියේ තමා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විශේෂ ලිපියක්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමට පැමිණි බවටයි.

මේ අතර ජනාධිපතිවරයා අද පෙරවරුවේ රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු ද හමුවුණා.