කාලගුණ විපර්යාසය ගැන සාකච්ඡාවට දේශපාලන නායකයින් ස්පාඤ්ඤයට

Monday, 02 December 2019 - 13:00

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B6%A7
ලොව පුරා රටවල් රැසක් දේශගුණය සහ කාලගුණ විපර්යාසවලට ලක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන නායකයින් ඇතුලූ 29,000 කට ආසන්න සංඛ්‍යාවක්  අද ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරට රැස්වනවා.

ජගත් සංවිධාන මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් සඳහන් කළේ දේශගුණ සහ කාලගුණ විපර්යාස මේ වනවිට උච්චතම ස්ථානයට පැමිණ ඇති බවයි.

අප්‍රිකානු මහද්වීපයේ පමණක් මිලියන ගණනක ජනතාව  ආහාර හිඟය හේතුවෙන් සාගින්නකට ගොදුරුවී තිබෙනවා.

එසේම සුළිසුළං සහ නියඟය හේතුවෙන් මිලියන 33 ක ජනතාවක් හදිසි ආහාර අවශ්‍යතාවයෙන් පෙළෙමින් සිටින බවයි සේව් ද චිල්ඞ්රන් ආයතනය සඳහන් කළේ.