පිලිපීනයට ප්‍රබල චණ්ඩ මාරුතයක්

Monday, 02 December 2019 - 16:45

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කම්මූරි ලෙස නම් කෙරුණු ප්‍රබල චණ්ඩ මාරුතයක් හමා ඒම හේතුවෙන් පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලට බාධා පැමිණීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

පැයට කිලෝමීටර් 185කට වැඩි වේගයක් සහිත සුළි සුළඟ හෙට අලූයම් කාලයේ පිලිපීනයේ නැගෙනහිර වෙරළාසන්න බයිකොල් ප්‍රදේශයෙන් ඇතුළු වනු ඇතැයි අපේක්ෂිතයි.

ඊට පෙර එම කලාපයේ 70,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරගෙන තිබෙනවා.

සුළි සුළඟ මැනිලා නුවර හරහා ද හමා යනු ඇතැයි අපේක්ෂා කරන නිසා මිලියන 13ක් වෙසෙන පිලිපීන අගනුවර ආපදා අවදානමක් ද ක්‍රියාත්මකයි.