එකඟතා අනුව මහමැතිවරණයට මුහුණ දෙන බව ඇමති විමල් කියයි

Monday, 02 December 2019 - 19:30

%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණයට ප්‍රථම එළඹුණු එකඟතා අනුව, ඉදිරි මහ මැතිවරණයට ද මුහුණ දෙන බවත්, එම එකඟතාවලින් බැහැර වීමට තරම් කිසිදු ගැටලුවක් මතුව නොමැති බවත් අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දළඳා සමිදුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නායකහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අමාත්‍යවරයා දළඳා සමිදුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව, පළමුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුවයි අමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ.

පසුව, අමාත්‍ය විමල් වීරවංශ, ගැටඹේ රාජෝපවනාරාමය වෙත ද පැමිණ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටිගොඩ සිරිවිමල නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.