ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක්

Monday, 02 December 2019 - 20:15

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප්‍රසන්න, කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ උපවාසයක නිරත වුණා.

ඒ, එම තානාපති කාර්යාලයේ පැහැරගැනීමට ලක්වූවා යැයි පැවසෙන නිලධාරිනියට පොලිස් මූලස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ අතර විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප්‍රසන්න, ආරම්භ කළ උපවාසය පැවැති කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිටට සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පැමිණියා.

එසේම, කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක මුහුණදුන් බව කියන සිද්ධියට අදාළව තානාපති කාර්යාලය ලබාදුන් තොරතුරු සහ විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු එකිනෙකට නොගැළපෙන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය නොවැම්බර් මස 25 වනදා සිදුවූ බව කියන සාපරාධී සිද්ධිය බරපතල ලෙස සැළකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කිරීමට පියවර ගත් බවයි.