හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා යළි රිමාන්ඩ්

Wednesday, 04 December 2019 - 14:34

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රුපියල් එක් ලක්ෂ 90,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර මේ මස 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයාට ඇප ලබාදෙන ඉල්ලීමක් කළ අතර ඒ සම්බන්ධයෙන් නියෝගය එදිනට ලබාදෙන බවයි මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ.

හලාවත - මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයකින් නැතිවූ වාලම්පුරි දෙකක් සොයාදීම සඳහා එහි භාරකාරියගෙන් රුපියල් ලක්ෂ 2ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් එක්ලක්ෂ 90,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට යාමේදීයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

එමෙන්ම අල්ලස් කොමිසම අද අධිකරණයට දැනුම් දුන්නේ පැමිණිලිකාරිණියට මරණ තර්ජන ඇති බවට පොලිසියට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවයි.