මෝර වරල් තොගයක් සමග 6 දෙනෙකු නාවික හමුදා භාරයට

Wednesday, 04 December 2019 - 17:00

%E0%B6%B8%E0%B7%9D%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
කිලෝග්‍රෑම් 1649 ක පමණ බරින් යුත් මෝර වරල් තොගයක් සමග පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ කල්පිටිය, කුඩාව සහ අම්මාතොට්ටම් යන ප්‍රදේශවල ඊයේ සිදුකළ මෙහෙයුමකදීයි.

මෙහිදී සැක කටයුතු ලොරියක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෝර වරල් සහිත උර 15 ක් සොයා ගෙන ඇති අතර, පසුව, ලොරි රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින්ගෙන් කළ කරුණු විමසීමට අනුව, අම්මාතොට්ටම් ප්‍රදේශයේ සගවා තිබූ තවත් මෝර වරල් තොගයක් සොයා ගැණුනා.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, මෝර වරල් සහ ලොරි රථය ද සමග කල්පිටිය පොලීසිය වෙත භාරදී තිබෙනවා.