ස්විස් සිද්ධිය ගැන විදේශ අමාත්‍යාංශයෙන් තානාපතිවරුන්ට පැහැදිලි කිරීමක්

Wednesday, 04 December 2019 - 19:08

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ලක් රජය මේ වනවිට ගෙන ඇති පියවර පිළිබදව මෙරට සිටින සියළුම තානාපතිවරුන් කැඳවා දැනුවත් කිරීමක් සිදුකළ බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අද දහවල් විදේශ අමාත්‍යාංශයේදී මේ සම්බන්ධයෙන් තානාපතිවරුන් දැනුවත් කළ බවයි එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබද රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තද එක්ව සිටියා.