නේටෝ නායකයින් ලන්ඩනය ආසන්නයේදී රැස්වෙයි

Wednesday, 04 December 2019 - 19:14

%E0%B6%B1%E0%B7%9A%E0%B6%A7%E0%B7%9D+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සාමාජික රටවල් අතර, පසමිතුරුකම්, සංවිධානයේ බිද වැටීමට හේතුවනු ඇති බවට සැක පළවද්දී නේටෝ සංවිධානයේ නායකයන් සමුළුවක් සදහා ලන්ඩනය ආසන්නයට අද රැස්වුණා.

ඒ නේටෝ සංවිධානයේ 70 වන සංවත්සරය සැමරීමටයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ඇතුළු නේටෝ නායකයන් අතර, සාකච්ඡාවලදී සයිබර් ප්‍රහාර තර්ජන මෙන්ම, චීනයෙන් එල්ල වන ක්‍රමෝපාය තර්ජන පිළිබදව අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි.